අපගේ භෞතික හා ආත්මික ජීවිත යන දෙකෙහිම, සෑම විටම බොහෝ පරීක්ෂාවන් සහ බාධක තිබේ. අතීතයේදී, ඉශ්රායෙල්වරු ජලය හා ආහාර නොමැති කාන්තාරය සහ යෝධයන් වාසය කළ කානාන් දේශය වැනි මහා පරීක්ෂාවන්ට මුහුණ දුන් විට, යෝෂුවා සහ කාලෙබ් දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලාපොරොත්තුව තැබූහ. ඔවුන් මෙන්, දුෂ්කරතා මධ්‍යයේ දෙවියන්වහන්සේ අප වෙනුවෙන් විවෘත කර ඇති බලාපොරොත්තුවේ දොරටුව දැකීමට අපට ඇදහිල්ල අවශ්‍ය වේ.
යේසුස්වහන්සේගේ නැවත නැඟිටීම හා එසවීම තුළින්, යේසුස්වහන්සේගේ කුරුසපත්වීමේදී බලාපොරොත්තු සුන් වූ මුල් සභා ශුද්ධවන්තයන්ට දෙවියන්වහන්සේ ස්වර්ග රාජ්‍යයට බලාපොරොත්තුවේ දොරටුව විවර කළාක් මෙන්, මුළු රාත්‍රිය පුරාම කිසිවක් අල්ලා නොගත් පේතෘස්ට යේසුස්වහන්සේ පෙන්වූවාක් මෙන්, එනම් අප උන්වහන්සේගේ වචනයට අනුව ක්‍රියා කරන විට දිග හැරෙන ආශ්චර්යය, අදත්, ක්‍රිස්තුස් අන්සංහොං වහන්සේගේ වචන වන ‘ශුභාරංචිය මුළු ලෝකයටම දේශනා වේ’ යන්න නිසැකවම ඉටු වනු ඇත.
ස්වාමිනි, මාගේ දිවි කෙළවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව ... දැන් වනාහි, ස්වාමිනි, මම කුමක් බලා සිටිම්ද? මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය. ගීතාවලිය 39:4–7
නුමුත් අන්තිමය දක්වා ස්ථීරව සිටින්නාම ගැළවෙන්නේය. රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය. මතෙව් 24:13–14
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය