දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් අනුව මනුෂ්‍ය වර්ගයා දෙවියන්වහන්සේට බිය වී ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ යුත්තේ දෙවියන්වහන්සේ පොරොන්දු වූ සදාකාලික ස්වර්ග රාජ්‍යයේ සදහටම සතුටින් සිටීමටයි. අපොස්තුළු ඇදහිල්ලේ ඉලක්කය වන ගැළවීම වෙත දිව ගිය බවට අපෝස්තුලු පාවුල් පැවසුවේ ඒනිසාය.
අපගේ ඇදහිල්ලේ ඉලක්කය වන අපගේ ආත්ම ගැළවීම වෙත අපව ගෙනයාම සඳහා, ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ දෙවන වරටත් මාංසයෙන් මේ පොළොවට පැමිණ ක්‍රි.ව. 325 දී අහෝසි කෙරුණු අලුත් ගිවිසුමේ පාස්කුව නැවත ස්ථාපිත කළ සේක. පාස්කුව නොමැතිව දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට අප තුළ වාසය කළ නොහැකි බවට වූ ඉගැන්වීම පිළිපදිමින්, ලොව පුරා දෙවියන්වහන්සේගේ සභා සාමාජිකයන් පාස්කුව ශුද්ධව පවත්වති.
... එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය ... නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය. 1 පේතෘස්1:7-9
ඒ සාක්ෂිය නම් දෙවියන්වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය, ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුළ තිබේ. 1 යොහන් 5:11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය