ආසා රජු සහ යෙහෝෂාපාට් රජු දෙවියන්වහන්සේගේ නියෝග හා ව්‍යවස්ථාව විශ්වාසවන්තව පිළිපැද්දෝය. ඔවුන් සියලු රූප විනාශ කර, දෙවියන්වහන්සේ සිටින තාක් කල් සියල්ල හොඳින් සිදුවන බවට ස්ථිර විශ්වාසයකින් යුතුව තම ජනතාව සහ රාජ්‍යය පාලනය කළෝය. එහි ප්‍රතිඵලයක් ලෙස, දෙවියන්වහන්සේ ඔවුන්ගේ ජාතියට සාමය ලබා දුන් අතර, ඔවුන්ට මහත් ආශීර්වාද හා මහිමය ලබා දුන්නේය.
බයිබලයේ සඳහන් ඉතිහාසය තුළින් දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට ආශීර්වාද ලබන මාර්ගය පෙන්වා දී ඇත. ආසා රජු ඔහුගේ පසුකාලීන අවධියේදී කළාක් මෙන්, දෙවියන්වහන්සේව නොසොයා බලවත් ජාතීන්ගෙන් උපකාර පැතීමේ පාපය අප නොකළ යුතුයි. යෙහෝෂාපාට් රජු කළාක් මෙන්, නපුරුකම් කරන අය සමඟ එකතු වී කිසිදු කටයුත්තක් නොකළ යුතුයි. මක්නිසාද අප දෙවියන්වහන්සේව අමතක කර අප අවට සිටින අය සහ තත්වයන් කෙරෙහි විශ්වාසය තබන විට, උන්වහන්සේ අපගෙන් තමන්ගේ ආශීර්වාද ඉවත් කරන්නේය.
ආසාගේ රජකම්කිරීමේ පහළොස්වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසයේදී ඔව්හු යෙරුසලමට රැස්වූහ. ඔවුන් ගෙනාවාවූ කොල්ලයෙන් ගවයන් සත් සියයකුත් බැටළුවන් සත් දහසකුත් ස්වාමීන්වහන්සේට ඔව්හු ඒ දවසේ පූජාකළෝය. තවද ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද සොයන්ටත්, සියලු යූදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේ ද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක. 2 ලේකම් 15:10–15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය