තමන්ට රොටි හා මිදියුෂෙන් ආශීර්වාද කළ මෙල්කිසදෙක්ට ආබ්‍රහම් දසයෙන් කොටසක් දුන්නේය, තවද ‘මෙල්කිසදෙක්ගේ පූජකකම පිළිපදින සදාකල පූජකයා දෙවියන්වහන්සේය’ කියා දාවිත් අනාවැකි කළේය. තවද ‘පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් නැත කියා විස්තර කිරීමෙන් මානව වර්ගයාගේ ගැළවීම උදෙසා ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී නැවත පැමිණෙන ක්‍රිස්තුස්වහන්සේ ගැන අපෝස්තුලු පාවුල්ද අනාවැකි කළේය.
පරණ ගිවිසුමේ මෙල්කිසදෙක් රොටි හා මිදියුෂෙන් ආබ්‍රහම්ට මාංසික ආශීර්වාද දුන්නේය. එලෙස අලුත් ගිවිසුමේ පාස්කුවේ රොටි හා මිදියුෂ තුළින් යේසුස්වහන්සේ පව්කමාවත් සදාකාල ජීවනයත් ලබාදුන්නේය. ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේද වසර 1,600ක් පුරාවට අවංලගු වී පැවතුණු අලුත් ගිවිසුමේ පාස්කුව ප්‍රතිස්ථාපිත කරමින් තමන් මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට පැමිණි දෙවියන්වහන්සේ බව සාක්ෂි දරන්නේය.
ඔහු කෙදොර්-ලයොමෙර් සහ ඔහු සමඟ සිටිය රජුන් මරා ආ කල්හි මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය ... ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.
උත්පත්ති 14:17-20
ගෝලයෝ යේසුස්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කොට, පාස්කුව පිළියෙළ කළෝය ...
යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ... මේක මාගේ ශරීයයයි කීසේක.
උන්වහන්සේ කුසලානක් (මිදියුෂ) ගෙන ස්තුතිකොට .... මේක පව්කමාව පිණිස
බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.
මතෙව් 26:19-28
සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී ... පෙරූ රසවත් මුද්‍රික පානයෙන්ද මංගල්‍යයක් සාදනසේක ... උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක ... ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක.
යෙසායා 25:6-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය