මුහුන් රොටි මංගල්‍යය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් පව්කරුවන්ගේ දුක්විඳීමේ කුරුසය උසුලාගත් දිනයයි.
ස්වර්ගීය පව්කරුවන් වන සියලු මනුෂ්‍ය වර්ගයා ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශ පිළිපැද, තමන්ගේ කුරුස ඔසවාගෙන ක්‍රිස්තුස්වහන්සේගේ මාර්ගයේ ඇවිද යන විට දුක්විඳීම් සහ පීඩාවන් තුළින් ඔවුන්ට සදාකාලිකත්වය වෙනුවෙන් ආශා විය හැකි බව දෙවියන්වහන්සේ අපට උගන්වමින් සිටියි.
මුල් සභා ශුද්ධවන්තයන් මේ පොළොවේ ජීවිතයෙන් පසු සදාකාල ජීවනය ඇති බව තේරුම්ගෙන සදාකාලිකත්වය වෙනුවෙන් ඇති ආශාව සමඟ සියලු දුක්විඳීම්, දුෂ්කරතාවයන් සහ පීඩාවන් භාරගත්තෝය.
එලෙස දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් මේ පොළොවේ තමන් මුහුණ දෙන සියලු දේ වෙනුවෙන් සෑමවිටම ස්තුති පුදකරන්නෝය.
දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කරන්ටදී තිබෙන වැඩ මම දුටිමි. උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ
සිත්වල තබා තිබේ.
දේශනාකාරයා 3:10-11
එහෙයින් අපි ක්ලාන්ත නොවමුව ... මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක ...
ඉතාමත්ම වැඩිවශයෙන් සදාකාල තේජස්
භාරයක් සාදාදෙන්නේය.
2 කොරින්ති 4:16-17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය