සමගිකමක් කිරීමේ දවස මනුෂ්‍යයන්ගේද පූජකවරුන්ගේද සියලු පාපයන්ට කමාව ලැබෙන උතුම් දවසක්ය. ඉශ්රායෙල්වරු දෙවියන්වහන්සේගේ කරුණාව අමතක කර රූපයක් වූ රන් වස්සාව නමස්කාර කිරීමෙන් පව් කළෝය. මෝසෙස් දෙවියන්වහන්සේගෙන් ලැබුණු පළමු දස ආඥා කට්ටලය බිඳ දැමුවේ ඒනිසාය. ඉශ්රායෙල්වරු සිය පාපයන්ට පසුතැවිලි විය දෙවියන්වහන්සේද ඔවුන්ට දෙවන දස ආඥා කට්ටලය ලබාදුන්නේය; මෙම දවස සමගිකමක් කිරීමේ දවසේ ආරම්භය විය.
පරණ ගිවිසුමේදී ඉශ්රායෙල්වරුන්ගේ සියලු පාපයන් සමගිකමක් කිරීමේ දවස දක්වා තාවකාලිකව ශුද්ධාස්ථානයට මාරු වුණේය. අද අපගේ සියලු පාපයන් ශුද්ධස්ථානයේ සත්‍යතාවය වන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ වෙත මාරු වන්නෝය. ඉන්පසුව සමගිකමක් කිරීමේ දවසේදී අපගේ සියලු පාපයන් පාපයේ මුල වූ සාතන්ට භාර වන්නේය. අවසානයේදී, සාතන් පාතාලයේ එනම් නිරයේ විනිශ්චය ලබන්නේය, ඉන්පසුව අවසානයේදී පාපයන් අතුරුදන් වන්නේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට තවත් කථාකොට කියනසේක්: ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දස වෙනි දින සමගිකමක් කිරීමේ දවසය. නුඹලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, නුඹලාගේ ආත්ම වලට දුක්දී ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පු කළ යුතුය.
ලෙවි කථාව 23:26-27
පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළුපැටියාණෝ!
යොහන් 1:29
ඔවුන් මුලාකළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය; ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධකරනු ලබති.
එළිදරව් 20:10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය