ජීවන පොතේ සටහන් වී ඇති සෑම අයෙකුගේම ක්‍රියාවන් වසර දහස් ගණනක් ගත වුවත් බොඳ වී නොගොස් විපාක ලැබීමට හෝ දඬුවම් ලැබීමට සුදුසුදැයි දෙවියන්වහන්සේගෙන් විනිශ්ය වන්නේය. ඒ අනුව ඔවුන් ස්වර්ගයට පමුණුවන ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමටද
නැනිතම් නිරයට පමුණුවන අධර්මිෂ්ඨයන් නැවත නැගිටීමට සහභාගී වනු ඇත.
මුල් සභා ශුද්ධවන්තයන් යේසුස්වහන්සේගේ නැවත නැගිටීම අත්විඳ තම ඇදහිල්ලෙන් ස්ථීරව සිටියෝය. නැවත නැගිටීමේ හා වෙනස්වීමේ ඇදහිල්ල ඇතිකරගන්නැයි අද ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන් අපට උගන්වමින් සිටියි. සියලු මනුෂ්‍ය වර්ගයා දෙවියන්වහන්සේට භියව සම්පූර්ණයෙන්ම තම පාපයන්ට පසුතැවිලි වූ විට ඔවුන් ආත්මික ශරීර වලට වෙනස් වී සුර ලොවට හැරී යන බව උන්වහන්සේලා උගන්වමින් සිටියි.
ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි මොවුන් බලා සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.
ඒ නිසා මම දෙවියන්වහන්සේ කෙරෙහිත් මනුෂ්‍යයන් කෙරෙහිත් නිදොස් හෘදසාක්ෂියක්
ඇතුව සිටින්ටද නිතරම උත්සහාකරමි.
ක්‍රියා 24:15-16
නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව ... උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමාන වන පිණිස ඒවා වෙනස් කරනවා ඇත.
පිලිප්පි 3:20-21
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය