දෙවියන්වහන්සේ විසින් ශෙපනියා, මලාකි, පේතෘස් හා යොහන් වැනි අනාගතවක්තෘවරැන් තුළින් මේ යුගයේ පැමිණෙන්නාවූ නොඇසූ විපත් ගැන දෙවියන්වහන්සේ දැනටමත් අනාවැකිකර අවසන්. විනාශයන්ගෙන් ගැළවෙන්නේ යේසුස්වහන්සේගේ අලුත් නාමය වන ශුද්ධාත්මයාණන්ගේ යුගයේ අන්සංහොං යන නාමය උසුලන දෙවියන්වහන්සේගේ මුද්‍රාව ලබාගත් අය පමණයි.
පරණ ගිවිසුමේ කාලයේදී සිය නිවෙස්වල පාස්කුවේ බැටළුවාගේ ලේ ගැල්වූ අය පමණක් විපත් වලින් ගැළවුණේය. මේ යුගයේදී පාස්කුවේ බැටළුවාගේ සත්‍යතාවය වූ යේසුස්වහන්සේගේ මාංසය හා රුධිරය නිරූපණය වන පාස්කුවේ රොටි හා මිදි යුෂට සහාභාගී වන අයට පමණක් දෙවියන්වහන්සේගේ මුද්‍රාව ලබා අවසන් විපත්වලින් ගැළවිය හැකිය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ ඔවුන්ට ඉගැන්වූ අලුත් ගිවිසුමේ පාස්කුව පවත්වා ගැළවීමේ පුවත දේශනාකිරීමේ මෙහෙවරය ඉටුකරන්න: ‘දුෂ්ටයන්ව විනිශ්චය කිරීමෙන් එනම් අවසන් විනාශයෙන් ගැළවීම සදහා දෙවියන්වහන්සේ සූදානම් කර ඇති දෙවියන්වහන්සේගේ මුද්‍රාව ලබාගන්න!’
... මම නුඹේ මාර්ග ලෙස නුඹ පිටට දඩුවම් පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල්කම්ද නුඹ තුළට පැමිණෙනවා ඇත; පහරදෙන්නේ ස්වාමිවූ මා බව මෙසේ නුඹලා දැනගන්නවා ඇත. එසකියෙල් 7:9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය